― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසචිත්‍ර අද රජයේ රස පරීක්ෂක හමුවට

සචිත්‍ර අද රජයේ රස පරීක්ෂක හමුවට

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (13) රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍ර්‍රසන්න අල්විස් නියෝග කළේ සැකකාර සචිත්‍ර සේනානායකගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා අද පෙරවරු 9.00ට රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සචිත්‍ර සේනානායක රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.