26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදියකින් පැමිණ රුපියල් 2,70,000ක් කොල්ල කාලා

යතුරුපැදියකින් පැමිණ රුපියල් 2,70,000ක් කොල්ල කාලා

රුපියල් 2,70,000 ක මුදලක් කොල්ල කා පලා ගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාවතගම පොලීසිය පවසයි.

ඊයේ (12) සවස 5.00 ට පමණ මාවතගම – මීගොල්ල මාර්ගයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම මුදල් කොල්ලය සිදු කර තිබේ.

කොස්කුඹුර – තෝරයාය පදිංචිකරුවෙකු වන කේ.ආරියරත්න යන අය විසින් පොලීසිය කර ඇති පැමිණිල්ලක් අනුව මාවතගම පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින විට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු තම මග හරස් කර නතර තමා සතුව තිබූ මුදල් කොල්ලකා පලා ගිය බව සිද්ධියට මුහුණ දුන් පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

කොල්ලකරුවන් කව්රුන්ද යන්න පැමිණිළිකරු හදුනා ගෙන නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.