― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතවත් දූෂිත ගනුදෙනුවකට කබ්රාල්ගේ නම පැටලෙයි

තවත් දූෂිත ගනුදෙනුවකට කබ්රාල්ගේ නම පැටලෙයි

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස සිටි සමයේ සිදුවූ තවත් දූෂිත යැයි සැක කෙරෙන ගනුදෙනුවක් සම්බන්ධ පුවතක් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර තිබේ.

ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරු හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ් සමග සිදුකළ ගනුදෙනු සම්බන්ධයෙන් ”එක්සත් ජනපද රජය හැමිල්ටන් නඩුවට මැදිහත් වෙයි” නමින් ‘සන්ඩේ ටයිම්ස්’ පළ කළ පුවතේ මුල් වාර්තාව උපුටාගෙන ඇත්තේ UK Financial Times වෙබ් අඩවියෙනි.

St Kitts & Nevis හි Hamilton Reserve Bank (HRB) නමින් හැඳින්වෙන කුඩා බැංකුවක් මෙහි හැමිල්ටන් බැංකුව ලෙස නම් කර ඇති අතර, මෙම බැඳුම්කර ගනුදෙනුව ඉතාම සුළු අගයකට, මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ (2012) අජිත් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටියදී සිදුවූ ගනුදෙනුවක් බව පැවසේ.

මෙහි විශේෂත්වය නම් මෙම බැඳුම්කරයේ නියමයන් වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොහැකි වීම ය. පූර්ණ බලතල හැමිල්ටන් බැංකුව සතු වීම ය.

හැමිල්ටන් බැංකුව අදාළ නීතිමය පියවර සඳහා ප්‍රවේශ වූ ආකාරය දෙස බැලූ විට මෙහි අසාමාන්‍ය තත්ත්වය පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ නීති සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස්, පවසන්නේ චීන-ඇමරිකානු මූල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස කුප්‍රකට බෙන්ජමින් වේ නම් පුද්ගලයෙකු මෙය පිටුපස සිටින බව ය. බෙන්ජමින් වේ යනු නිව් යෝර්ක් ග්ලෝබල් සමූහයේ සභාපති ලෙස චීන reverse mergers ගනුදෙනු ප්‍රවර්ධනය කළ වංචා චෝදනා ඇතුළු නීතිමය ගැටළුවලට ද මුහුණ දී ඇති පුද්ගලයෙකි.

2015 දී ඔහු වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ මහල් නිවාසය සහ කාර්යාලය පරීක්ෂා කිරීමේදී සොයාගත් සාක්ෂි ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නොපිළිගැනීමෙන් පසුව 2017 දී ඔහුට එරෙහි චෝදනා ඉවත් කරගෙන තිබේ.

එමෙන්ම බෙන්ජමින්ට එරෙහිව ලිංගික හිංසන නඩුවක් ද වාර්තා වී තිබේ. එනම්, පුහුණුවන්නෙකුට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 18 ක වන්දියක් ගෙවීමට ඔහුට සිදු වී තිබේ. (පසුව වන්දිය ඩොලර් මිලියන 5.65 දක්වා අඩු විය)

හැම්ල්ටන් බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් 2020 ජනවාරි 20 වෙනිදා පළ කළ ට්විටර් සටහනක් කෙරෙහි ද වාර්තාවේ අවධානය යොමු කර ඇති අතර එම සටහනේ දැක්වෙන්නේ එවකට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමග හැමිල්ටන් බැංකුවේ විධායක ගසාන් නසාර් පෙනී සිටින ඡායාරූපයකි. මෙම හමුවීම ගැන එවකට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තැබූ ට්විටර් සටහන මේ වනවිට ඉවත් කර ඇති බවත් හැමිල්ටන් බැංකු නියෝජිතයන් අජිත් නිවාඩ් කබ්රාල් මුණගැසීම සහ අදාළ බැඳුම්කරය ඉතා සුළු මුදලකට මිලදී ගැනීම යන සිදුවීම් මගින් මෙම හැමිල්ටන් ගනුදෙනුව සම්බන්ධ සැකය තවදුරටත් වර්ධනය වන බවත් එහි සඳහන් ය.

හැමිල්ටන් ගනුදෙනුව සමග රාජපක්ෂලා කබ්රාල්ලාගේ සම්බන්ධය වහා විමර්ශනය කළ යුතුයි. – පාඨලී

හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට නඩු පැවරීම සහ රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. පසුගියදා මහරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අද අපිට හැමිල්ටන් රිසර්ව් බෑන්ක් කියලා එකක් නඩු දාලා තියෙනවා. ඒක තියෙන්නේ බදු පාරාදීසයක. ඒකේ ප්‍රධානියා චීන ජාතිකයෙක් වන බෙන්ජමින් වේ කියලා හාදයෙක්. ඔහුගේ නම. ඔහුට ඇමරිකාවේ වංචා දූෂණ වලට කාලයක් නඩු පවරලා තියෙනවා. දැන් මොහුගේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා අපේ අජිත් කබ්රාල් මහත්තයා හම්බවෙලා තියෙනවා. මරු වැඩේ. ඊට පස්සේ තමයි මේ අපිට සැකයක් තියෙනවා මේ බැඳුම්කර මිලදී ගත්තයි කියලා. ඉතා අඩුගානේ. දැන් ඔහුට මේ බැඳුම්කර ගෙවන්න ගියාද කියන සැකය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මහ බැංකුව ජනාධිපති රටේ මුදල් ඇමති හැටියට වහාම මේ ගැන විමර්ශනයක් කරන්න ඕනේ. මේ බැඳුම්කරය සියයට හයකට ආසන්න ප්‍රමාණයකට මහින්ද රාජපක්ෂ ගත්තේ මොනවටද? වියදම් කළේ මොනවටද? ඒ වගේම ආපසු ගෙවීම කරන අවස්ථාවේදී ද්විතීක වෙළඳපොලේදී මේ බැඳුම්කරය තුට්ටු දෙකට අර බිලියනයකට නෙමෙයි තුට්ටු දෙකට අරගෙන ඒක ආපසු ගෙවීමේ පදනමක් ඇති කර ගත්තේ කොහොමද කියන එක. මතක තියාගන්න තාම කබ්රාල් මහත්තයා අපිට කියන්නේ රට බංකොලොත් කියලා අලි සබ්රි කියපු එක වැරදියි. ඒක කුමන්ත්‍රණයක්. එහෙම නොකළා නම් අපි දන්නවා සල්ලි හොයන්න කියලා. මොකද මේගොල්ලන්ගේ අරමුණ. මිනිස්සුන්ට තෙල් ටික ගේන්නේ නැතුව, මිනිස්සුන්ට බේත් ටික ගේන්නේ නැතුව, විදුලිය පැය දාහතරක් කප්පාදු කරගෙන මේ ඩොලර් හෙව්වේ මොකටද? ජූලි මාසෙදි හැමිල්ටන් බැංකුවේ ගාන ගෙවන්න. ගෙව්වාම එනවා කුට්ටිය අනිත් පැත්තට තමන් ළඟට. නේද? ඕක තමයි පිටිපස්සේ සිද්ධ වෙච්ච දේ.

#theleader

https://www.facebook.com/watch/?v=247495654936514