― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැන තීරණයක්

ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැන තීරණයක්

යුද සමයේදී ආබාධිත තත්ත්වයට පත් වී වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන සාමාජිකයින් වෙත වයස අවුරුදු 55 දක්වා සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා එම දීමනා එලෙසම ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ දැනට පවතින විධිවිධාන අනුව ආබාධිත හමුදා සාමාජිකයා වයස අවුරුදු 55ට පෙර මියගියහොත් එම වැන්දඹුව වෙත මෙලෙස වැටුප් හා දීමනා ලබාදීම සඳහා හමුදා සාමාජිකයා මියගියේ ආබාධිත තත්ත්වයේ සෘජු ප්‍රථිපලයක් නිසාවෙන් බව වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කළ යුතු බවයි.

එය තහවුරු කළ නොහැකි වන්නේ නම් ආබාධිත හමුදා සාමාජිකයා මියගියහොත් එම වැන්දඹුව වෙත ලබාදිය හැක්කේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

විශ්‍රාමලත් ආබාධිත හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු අතර ඇතැම් පාර්ශවයන් විසින් මේ සම්බන්ධව ආබාධිත හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුළ ව්‍යාකූල තත්වයක් ඇති කිරීමට උත්සහ කරන අවස්ථා නිරීක්‍ෂණය වී ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.