27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

රජයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා රජය යටතේ පවතින gov.lk යන ඩොමේන් නාමය යටතේ පවතින විද්‍යුත් තැපැල් පද්ධතියට පසුගිය අගෝස්තු 26 වැනිදා එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මෙම පරීක්ෂණය සිදුකරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම විමර්ශනය ශ්‍රි ලංකා රජයට සිදුවූ දත්ත හානිය හා එහි මූල්‍ය වටිනාකම ඇතුළු පැති කිහිපයක් යටතේ පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.