― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

රජයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා රජය යටතේ පවතින gov.lk යන ඩොමේන් නාමය යටතේ පවතින විද්‍යුත් තැපැල් පද්ධතියට පසුගිය අගෝස්තු 26 වැනිදා එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මෙම පරීක්ෂණය සිදුකරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම විමර්ශනය ශ්‍රි ලංකා රජයට සිදුවූ දත්ත හානිය හා එහි මූල්‍ය වටිනාකම ඇතුළු පැති කිහිපයක් යටතේ පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.