― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසේවයට වාර්තා නොකරන රියදුරන් ගැන දැඩි තීරණයක්

සේවයට වාර්තා නොකරන රියදුරන් ගැන දැඩි තීරණයක්

වැඩ වර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස අද (13) දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියාව පමණක් නොව ඔවුන්ගේ දේපළ පවා රාජසන්තක වීමේ හැකියාව පවතින බවත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

ඊයේ (12) දිනයේදී පමණක් මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 119ක් අවලංගු වූ අතර අද දිනයේ දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු වීමේ අවධානම පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.