― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldලිබියාවේ ගංවතුරෙන් මියගිය ගණන 5,300 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරෙන් මියගිය ගණන 5,300 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරෙන් 5,300කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගංවතුරෙන් විපතට පත් ඩර්නා නගරයේ මේ වනවිට සිරුරු 5,300කට අධික සංඛ්‍යාවක් ගොඩ ගසා ඇති බවයි.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය Hichem Abu Chkiouat පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය දෙගුණයක් විය හැකි බවයි.

10,000කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.