― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන පිරවුම්හලක් අත්හිටුවන්නැයි නියෝග

ඉන්ධන පිරවුම්හලක් අත්හිටුවන්නැයි නියෝග

මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හලේ කටයුතු අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ මෙම ඉන්ධන පිරවුම්හල ඉදිකිරීම නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස නියෝග කර ඇති බවයි.

අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණ ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර් 400ක පමණක් දුරක් පමණක් පවතින අතර එම දුර ප්‍රමාණය ඉන්ධන පිරවුම්හල් දෙකක් අතර සම්මත දුර ප්‍රමාණයට වඩා අඩු බවයි එම සංගමය පවසන්නේ.