හරක් කටාගේ ආරක්ෂාව තර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සාහ කිරීමත් සමඟයි මෙලෙස හරක් කටාගේ ආරක්ෂාව තර කර ඇත්තේ.
ඒ අනුව විශේෂ කාර්ය බළකායේ 10කට ආසන්න කණ්ඩායමක් හරක් කටාගේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.