30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි වැඩ වර්ජනයකට සැරසේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි වැඩ වර්ජනයකට සැරසේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන් එළැඹෙන 02 වැනිදා සිට යළි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණයක් කර තිබේ.

රජය විසින් වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් එකඟතාව අනුව ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් මෙම තීරණය ගෙන ඇත.

පසුගියදා දින 09ක් පුරා පැවති එම වැඩවර්ජනය දින 14ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබුවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය දැක්වූ ප්‍රතිචාරයට අනුවය.

ඒ අනුව එම දින 14ක කාලය එළඹෙන 01 වැනිදායින් අවසන් වේ.