32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldබ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් දෙදහසකට බාධා

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් දෙදහසකට බාධා

බ්‍රිතාන්‍යය පුරා ගුවන් යානා දෙදහසක් පමණ අවලංගු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අවලංගු කිරීම්, ප්‍රමාද කිරීම් සහ වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීම හේතුවෙනුයි මෙලෙස ගුවන් ගමන් අවලංගු වී ඇත්තේ.

ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් ගුවන් ගමන් 22 ක් අවලංගු කර ඇති අතර තවත් යානා සිය ගණනක් ප්‍රමාද වී තවත් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි ගැට්වික් ගුවන්තොටුපොළ බලධාරීන් තහවුරු කර ඇත්තේ.

මෙම සේවක හිඟය සම්බන්ධයෙන් එරට ජාතික ගුවන් ප්‍රවාහන සේවය සමාව අයැද තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.