― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතම දූවරුන්ට හදි කළ පියවරු දෙපළක් අත්අඩංගුවට

තම දූවරුන්ට හදි කළ පියවරු දෙපළක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ බව කියන පියවරුන් දෙදෙනෙක් පරසන්ගස්වැව සහ වටවල පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

14 හැවිරිදි සිය දියණිය අපයෝජනය කළ 40 හැවිරිදි පුද්ගලයෙක් වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා රොසැල්ල වූඩ්ස්ටොක් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම 09 හැවිරිදි සිය දියණිය අපයෝජනය කළ 40 හැවිරිදි පියෙක්ද පරසන්ගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මොහු රඹෑව, සදමල්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.