― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඇමසන් වන මැද දරුණු ගුවන් අනතුරක් - 14 දෙනෙක් ජීවිතක්ෂයට

ඇමසන් වන මැද දරුණු ගුවන් අනතුරක් – 14 දෙනෙක් ජීවිතක්ෂයට

රසීලයේ ඇමසන් වනාන්තරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ පැවති අයහපත් කාලගුණය අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුඩා ප්‍රොපෙලර් යානය කඩා වැටෙන විට ඇමසෝනාස් (Amazonas) ප්‍රාන්තයේ අගනුවර වන මනවුස් සහ දුරස්ථ කැලෑ නගරයක් වන බාර්සිලෝස් අතර කිලෝමීටර 400ක ගමන අවසන් වීමට ආසන්නව තිබුණා.

මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය දෙදෙනෙකු වන යානයේ සිටි සියලුම දෙනා අනතුරෙන් මිය ගිය බව නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ගුවන් යානයේ අනතුරට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන්.

Amazonas ප්‍රාන්ත ආරක්ෂක ලේකම් Vinicius Almeida පැවසුවේ, අධික වර්ෂාව සහ අඩු දෘශ්‍යතාව අතරතුර බාසිලෝස් වෙත ගොඩ බැසීමේදී ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් පසු අනතුරට ලක්වී ඇති බවයි.

බ්‍රසීලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කළේ මෙම යානය EMB-110, බ්‍රසීලයේ ගුවන් යානා නිෂ්පාදකයෙකු වන Embraer විසින් නිෂ්පාදනය කරන ලද ද්විත්ව එන්ජින් සහිත turboprop එකක් බවයි.

ගුවන් යානය සහ එහි කාර්ය මණ්ඩලය පියාසර කිරීමට අවශ්‍ය සියලුම අවශ්‍යතා සපුරා තිබූ බව යානයේ හිමිකරු Manaus Aerotáxi ප්‍රකාශ කර තිබෙනවා.

Barcelos හි නගරාධිපති Edson de Paula Rodrigues Mendes පැවසුවේ මෙම ගුවන් යානය මසුන් ඇල්ලීමේ නිරතව සිටින ව්‍යාපාරිකයෙකු විසින් කුලියට ගත් එකක් බවයි. එහි සිටි මගීන් ක්‍රීඩාවට සම්බන්ධ වූ වෙනත් ප්‍රදේශවල මිතුරන් බව සඳහන්.

මියගිය අයගේ සිරුරු හඳුනාගැනීම සඳහා Manaus වෙත ගෙන යන බව නිලධාරීන් සඳහන් කළා.

බාර්සිලෝස් යනු ජාතික වනෝද්‍යාන කිහිපයකට ආසන්නව පිහිටා ඇති ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්.

සැප්තැම්බර් මාසය ඇමසෝනාස් හි මසුන් ඇල්ලීමේ ආරම්භය ලෙසටයි සැලකෙන්නේ. ප්‍රාන්තය විශේෂයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ එහි විවිධ විසිතුරු මත්ස්‍ය විශේෂ වන ටූකුනාරේ සඳහායි.