― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලුත් පක්ෂ ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන්

අලුත් පක්ෂ ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය වෙනුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අයදුම්පත් යොමු කිරිමේ කාලය අද දහවල් 12 න් පසුව අවසන් වන බවයි.

ඉදිරිපත් වු සියලුම අයදුම්පත් මැතිවරණ කොමිසම මගින් පත් කරන විශේෂ කමිටුවක් මගින් පරීක්ෂා කිරිමට නියමිතව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

එලෙස පරීක්ෂා කරන ලද අයදුම්පත් අතරින් සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්පත් හිමි දේශපාලන පක්ෂ විශේෂ සම්මුඛ පරික්ෂණයකට යොමු කිරීමට සැලසුම් කර තිබේ.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය පසුගිය ජනවාරි 24 වනදි සිට ආරම්භ විය.

මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

පසුගිය වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර අතරින් ලියාපදිංචිය සඳහා අවසර හිමිවුණේ දේශපාලන පක්ෂ 3 ක් සඳහා පමණි.

ඒ තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතශීලී සන්ධානය යන දේශපාලන පක්ෂයි.