― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ආර්ථික වර්ධනය පහළට

මෙරට ආර්ථික වර්ධනය පහළට

2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බවයි.

2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,683,374ක් ලෙස පැවති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 2,597,441ක් දක්වා අඩුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.