27.2 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල් හිමියන් වතිකානයට ගියේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නද?

කාදිනල් හිමියන් වතිකානයට ගියේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නද?

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙරේදා (22) වතිකානුව බලා පිටව ගොස් ඇත.

උන්වහන්සේගේ මේ සංචාරය පිළිබඳව කතෝලික සභාවේ සාමාජිකයන්ට දැනුම් දී ඇතත් නිශ්චිතව දින වකවානු ගැන ඔවුන්ව දැනුවත් කොට නොමැත. දැනුවත් කිරීමක් සිදු නොවූයේ ආරක්ෂක හේතු මත බවද වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ආණ්ඩුවෙන් සාධාරණයක් ඉෂ්ට නොවන්නේ නම් ජාත්‍යන්තර සංවිධාන හා කතෝලික ප්‍රජාව ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බව පසුගියදා කාදිනල් හිමියන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද සිදු කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම දැඩිව විවේචනය කරන අගරදගුරු හිමියන් හදිසියේ වතිකානය බලා ගියේ කුමන අරමුණකින්ද යන්න දැඩි කුතුහලයකට හේතු වී තිබේ.