― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපියා හා දියණිය අඩි 16ක් ගැඹුරු වළකට වැටෙයි

පියා හා දියණිය අඩි 16ක් ගැඹුරු වළකට වැටෙයි

ගොතටුව – අයි.ඩී.එච් ජලාපවහන මණ්ඩලය අසල ජල නළයක් පුපුරා යාමෙන් පියෙකු සහ දියණියක් අද (19) උදෑසන අනතුරකට මුහුණ පා තිබෙනවා.

දියණිය පාසල වෙත රැගෙන යමින් සිටියදී මොවුන් මහ මඟ තිබූ වතුර වළකට වැටී මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය ද සමඟ අඩි 16ක් පමණ ගැඹුරු වළකට වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ජල නළය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා තිබේ.