― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලාංකිකයන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා

ලාංකිකයන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා

දකුණු කොරියාව විසින් මේ වන්නවිට ශ්‍රී ලංකාවට ලබා දී ඇති රැකියා ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) පැවසීය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන කැපවීමද පැසසුමට ලක් කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.