22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldජපානයේ වයස්ගත ජනගහනයේ වැඩිවීමක්

ජපානයේ වයස්ගත ජනගහනයේ වැඩිවීමක්

ජපානයේ වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට 10 කට වඩා වැඩි වී තිබේ.

ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් වැඩිහිටියන්ගේ නිර්වචනයට ඇතුළත් වේ.

එය රටේ ජනගහනයෙන් සියයට 29.1ක් ලෙස වාර්තා වේ.

එය ලෝක රටවල ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිශතයක් ලෙස සැලකේ. වැඩිහිටි ජනගහනය වැඩිවීම හේතුවෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් වෙන්කිරීමේ ගැටලුවක් මතුවිය හැකි බව අපේක්ෂා කෙරේ.

ජපානය ලෝකයේ වැඩිම ආයු අපේක්ෂාවක් ඇති රටකි. මෙය වැඩිහිටි ජනගහනය වැඩිවීමට බලපාන එක් සාධකයක් ලෙස සැලකේ.