― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ විභාගය කල් දැමීමේ ඉඩක්

උසස් පෙළ විභාගය කල් දැමීමේ ඉඩක්

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමීමේ යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

උසස් පෙළ විභාග ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමීමට යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

උසස් පෙළ විභාග ලබන වසරේ ජනවාරි 22 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්විය හැකිය.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන වසරේ මැයි මාසය වන විට ප්‍රකාශයට පත් කර ලබන වසරේ උසස් පෙළ විභාගය සාමාන්‍ය පරිදි ඔක්තෝම්බර් මාසයේදී පැවැත්විය හැකි බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න යෝජනා කර ඇත්තේ.

අදාළ යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යවා ඇති බවත් එය කඩිනමින් ප්‍රකාශ කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.