32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති කාර්යාලයේ වාහන 28ක් රක්ෂණය කර නැහැ

ජනාධිපති කාර්යාලයේ වාහන 28ක් රක්ෂණය කර නැහැ

ජනාධිපති කාර්යාලයට අයත් වාහන 28ක් රක්ෂණය කර නොමැති බව පසුගියදා නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

රක්‍ෂණ රහිත වාහන 28 න් වාහන 13 ක් අධි ආරක්‍ෂිත වාහන වන අතර එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 25 ත් 30 ත් අතර වන බව වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඉහළ රක්‍ෂණ සහිත වාහනවල වටිනාකම වැඩි නිසා රක්ෂණය සඳහා එක් වාහනයකට වසරකට රුපියල් කෝටි දෙකක බද්දක් ගෙවිය යුතුය.

එබැවින් එම වාහන අධික පිරිවැයකට රක්ෂණය කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුම් නිලධාරියා විගණකාධිපතිවරයාට දන්වා ඇත.

රට තුළ පවතින නීති ක්‍රියාත්මක නොවන්නේ නම් එම අවශ්‍යතා සපුරාලීම සඳහා විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු බව එම වාර්තාවේ සඳහන් කර ඇතත් එය සිදු වී නොමැත.