― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිලෝමීටර් 54ක් පයින් ගොස් ලෝක වාර්තාවක් තැබූ දැරිය

කිලෝමීටර් 54ක් පයින් ගොස් ලෝක වාර්තාවක් තැබූ දැරිය

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් ඊයේ (20) කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් පිහිට විමට සමත් වි තිබෙනවා.

වසන්ත කුමාර් නිතර්ෂණා නැමති 15 හැවිරිදි පාසල් සිසුවිය එම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන අතර ඇය ඊයේ උදෑසන නාවලපිටිය පොලිස් ස්ථානය අසලින් උදැසන 6.05 පාගමන ආරම්භ කර පස්වරු 2.35 බගවන්තලාව නගර මධ්‍යයෙන් පාගමන පැය 8 විනාඩි 30 කින් අවසන් කර ඇත.

නාවලපිටිය, ගිනිගත්හේන, වටවල, හැටන්, දික්ඔය, නොර්වුඩ් හරහා බගවන්තලාව දක්වා පාගමනේ නිරත වන අවස්තාවේ මාර්ගය දෙපස පිහිටි පාසල්වල සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගෙත්, එම මාර්ගය දෙපස පිහිටි තේ වතුවල වතු කම්කරුවන්ගේද පුර්ණ සහයෝගය එම පාසල් සිසුවිය වෙත ලැබී තිබුණි.

ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට බගවන්තලාව ප්‍රදේශයෙන් එම පාසල් සිසුවියගේ නාමය එක්වු බව එම පාගමන නිරික්ෂණයට පැමිණි මෙරට නියෝජිත සී.නාගවාණි රාජා ඇතුළු නිලධාරින් ප්‍රකාශයට පත් කර ඇත.

බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන නිතර්ෂණා සිසුවිය චෝලන් වාර්තා පොතට සිය නාමය එක් කිරිම වෙනුවෙන් ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ.