― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති හා මැලේසියා අගමැති අතර හමුවක්

ජනපති හා මැලේසියා අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියානු සමාගම් උනන්දු කරවන බව පැවසූ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මැලේසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනිමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව ද ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය.

එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කර තිබෙන ඉල්ලීමට සහය දැක්වීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එකඟ විය.

ලබන මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) කලාපීය සමුළුව සඳහා මැලේසියා විදේශ අමාත්‍යවරයා සහභාගී කරවන බවද අග්‍රාමාත්‍ය අන්වර් බින් ඊබ්‍රහීම් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මැලේසියාවේ සංචාරයක නිරතවන ලෙස මැලේසියාවේ රජතුමා විසින් කළ ආරාධනය ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන්නේය. එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන වසරේ මැලේසියාවේ සංචාරය සඳහා පැමිණෙන බව ද තහවුරු කර සිටියේය.