― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනිපා ඉන්දියාවේ දෙදෙනෙක් බිලි ගනියි

නිපා ඉන්දියාවේ දෙදෙනෙක් බිලි ගනියි

Nipah වෛරසය වැළඳුණු 06 දෙනෙක් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබේ.

මෙම වෛරසය වවුලන්ගෙන් බෝවන වෛරසයක් වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතිය තුළ සෞඛ්‍ය සේවකයින් ඇතුළු 700 කට වැඩි පිරිසක් ආසාදනය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර ප්‍රාන්ත බලධාරීන් සමහර පාසල්, කාර්යාල සහ පොදු ප්‍රවාහන ජාල වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ වෛරස් උණ, වමනය, ශ්වසන ආබාධ සහ මොළයේ දැවිල්ල ඇති විය හැකි බවයි.

එමෙන්ම කේරල ප්‍රාන්ත වැසියන් හට මුඛ ආවරණ පළඳින ලෙස එරට රජය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.