25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හෙට පාකිස්තානයේ සංචාරයක

අමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හෙට පාකිස්තානයේ සංචාරයක

රට අභ්‍යන්තරයේ සහ ඇෆ්ගනිස්තානයේ සටන්කාමීන් එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස අමෙරිකාවේ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික නිලධාරිනියක වන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පාකිස්තානයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

අමෙරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය හෙට (7) පාකිස්තානයේ දෙදින සංචාරයක නිරතවීමට නියමිත අතර, සිය සංචාරයට පෙර ඇය මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ඇය සිය සංචාරය අතරතුර පාකිස්තානයේ ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර, ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ශක්තිමත් සම්බන්ධතාවක් දෙපාර්ශ්වය අතර ඇති විය යුතු බව ඇය තරයේම ප්‍රකාශ කර තිබේ.

කිසිදු භේදයකින් තොරව සියලු සටන්කාමීන් හා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව තිරසාර ක්‍රියාමාර්ග ගැනීමට මේ සංචාරයේ දී බලාපොරොත්තු වන බව මේ වන විට ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතව සිටින අමෙරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය නිකුත් කරනු ලැබූ නිවේදනයකින් සඳහන් කර ඇත.

ත්‍රස්තවාදී වසංගතයෙන් දෙරටම දරුණු ලෙස පීඩාවට පත් වී ඇතැයි ද, කලාපීය හා ගෝලීය ත්‍රස්තවාදී තර්ජන තුරන් කිරීම සඳහා සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද ඇය විසින් පෙන්වා දී තිබේ. ඉදිරියේදී ඇය ඉන්දියාවේ සහ උස්බෙකිස්තානයේ සංචාරයේ කිරීමට නියමිතය.