28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේපාලයේ දරුණු බස් රථ අනතුරක්...28ක් මරුට

නේපාලයේ දරුණු බස් රථ අනතුරක්…28ක් මරුට

වයඹදිග නේපාලයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මුගු දිස්ත්‍රික්කය හරහා මඟී ප්‍රවාහන බස් රථයක් ගමන් කරමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ කඳු බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ. 
 
අනතුරට හේතුව අපැහැදිලි නමුත් ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බසයේ ගැටලුවක් තිබෙන්නට ඇති බවයි. නේපාලයේ සහ ඉන්දියාවේ ප්‍රධාන ආගමික උත්සවයක් වන දශායින් සැමරීමෙන් පසු බස් රථයේ සිටි බොහෝ දෙනෙක් නිවෙස් බලා යන අය විය හැකි බව වාර්තාවේ.
 
බස් රථය අනතුරට පත්වන විට එහි කොපමණ පිරිසක් ගමන් කරමින් සිටියාද යන්න පැහැදිලි නැති නමුත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.