26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවැඩ ඉවර නෑ.පාර කෑලි කෑලි යනවා

වැඩ ඉවර නෑ.පාර කෑලි කෑලි යනවා

වැඩ නිමකර මසක් ගතවන්නටත් මත්තෙන් කැඩී ඉරිතැලී යන මාර්ගයක් ගැන දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට කිලෝමීටරය කුත් මීටර් 300ක් දුරට ගලේවෙල සිට තෙලදින්නන් වැව ප්‍රදේශයට යනතෙක් මෙම මාර්ගය නව මාර්ගයක් ලෙස. මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන්ද ජිවත් වන්නේ ගොවි ජනතාව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන යන විකල්ප මාර්ගයක්දවන මෙම මාර්ගය . මසක් ගතවන්නටත් මත්තෙන් මෙම මාර්ගය කැඩී යනු ආකාරය දැක ප්‍රදේශවාසීන් අදහස් පළ කළා.තවද මොවුන් පෙන්වා දෙන්නේ මාර්ගයේ දෙපස දමා ඇති solder හෙවත් මාර්ග දෙපස දමා ඇති පස් කිසිදු ප්‍රමිතියකින් තොරව අතුරා ඇති නිසා මාර්ගයේ පමණක් නොව මාර්ග දෙපස ද ගමන් ගැනීමට නොහැකි රථ වාහනයක් අයින් කිරීමට නොහැකි ආකාරයට ගිලා බහින බවයි. මේ ගැන බලධාරීන් ගේ අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසී ගොවි ජනතාව ඉල්ලා සිටිනවා.

දඹුල්ල – චමින්ද කුමාර නවරත්න