27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් මිල හා විදුලි බිල වැඩිවෙයි?

තෙල් මිල හා විදුලි බිල වැඩිවෙයි?

අමාත්‍ය උදය ගම්මන්පිල තෙල් මිල වැඩි නොකරන බව ප්‍රකාශ කළද තව නොබෝ දිනකින් අනිවාර්ය ඉන්ධන මිල වැඩි කිරීමකට යාමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම නිසා විදුලි බිල වැඩි කිරීමට රජය සුදානම් වන බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“තෙල් මිල වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා ඇමැතිවරයා කියනවිටම ජනතාව බලාපොරොත්තු වෙන්න ඕනේ තෙල් මිල වැඩි කිරීමක් ළඟදීම කරනවා කියලා. ඇමැතිවරයා ජනතාවගේ හිත හදන්න කතා කිව්වට අනිවාර්යෙන්ම තෙල් මිල වැඩි වෙනවා. මේ එන්නේ පෙරහැරේ කසකාරයෝ ටික. ඒ වගේම මේ කියන්න හදන්නේ විදුලි බිල වැඩි කරනවා කියන එක. ඒක ජනතාවට හොඳට තේරෙනවා. හැමදේකින්ම අසරණ වෙන්නේ ජනතාව විතරයි.”