28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවාහන ජාවාරම්කරුවෙක් රාගමදී පොලිස් දැලේ

වාහන ජාවාරම්කරුවෙක් රාගමදී පොලිස් දැලේ

වාහන අලෙවි කර මුදල් ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙක් රාගම, ජනප්‍රිය මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සුඛෝපභෝගී වාහනවල වටිනාකම රුපියල් කෝටි 09කට ආසන්න බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ සැකකරු විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ ලක්ෂ 450ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථයක්, අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලක්ෂ 225ක් වටිනා සුඛෝපභෝගී කැබ් රථයක් මෙන්ම ජාඇළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 185ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් විකුණා මුදල් ලබාදෙන බවට පොරොන්දු වී එම වංචාව සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු එම වාහන විකුණා ඇතත් වාහන හිමිකරුවන්ට මුදල් නොදීම හේතුවෙන් සැකකරුට එරෙහිව පැමිණිලි 03ක් පොලීසිය වෙත ලැබී ඇත. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකි. සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.