― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු සහ බෙලරුස් ක්‍රීඩකයින්ට තහනමක්

රුසියානු සහ බෙලරුස් ක්‍රීඩකයින්ට තහනමක්

රුසියානු සහ බෙලරුස් ක්‍රීඩකයින්ට එරෙහිව තහනමක් පැනවීමට ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව තීරණය කර තිබේ. අනෙකුත් සාමාජික රටවලින් එල්ලවූ විරෝධය හේතුවෙන් එම තීරණය ගත් බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ඇන්ඩෘෘ පාසන්ස් පැවසීය.

ඒ අනුව ඔවුන්ට චීනයේ බීජිං නුවර පැවැත්වීමට නියමිත ශීත ඝෘතු පැරාලිම්පික් උළෙලට සහභාගීවීමේ වරම අහිමි වෙයි.

ශීත ඝෘතු පැරාලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය හෙට (04) පැවැත්වීමට නියමිත අතර එළඹෙන සෙනසුරාදා සිට එහි තරග ආරම්භ වීමට නියමිතය.