24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවට එරෙහිව යුධ අපරාධ විමර්ශනයක්

රුසියාවට එරෙහිව යුධ අපරාධ විමර්ශනයක්

රුසියානු – යුක්රේන යුද ගැටුම්වලදී යුද අපරාධ සිදු වී ඇත්දැයි සෙවීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

2013 වසරේ රුසියානු හිතවාදී යුක්රේන රජයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා යුක්රේනය තුළ යුද අපරාධ සිදු වී ඇත්දැයි සෙවීම සඳහා කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතිඥවරයෙක් වූ කරීම් අහමඩ් ඛාන් පැවසුවේය.

“මෙම පුළුල් පරීක්ෂණය ආරම්භ වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ස්ථාපිත කිරීමට මුල් වූ “රෝම ව්‍යවස්ථාව”ට අත්සන් තැබූ රටවල් 39 කැනඩාව සහ ප්‍රංශය ඇතුළුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම හේතුවෙන්” කරීම් අහමඩ් ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම 2013 නොවැම්බර් මස 21 වෙනි දින සිට මේ දක්වා යුක්රේනය සිදු වූ වා යැයි කියන යුද අපරාධ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබා දෙනවා මම මේ ගැන අපරාධ අධිකරණයේ සභාපතිතුමාටත් දැනුම් දීලා තියෙන්නේ ඉක්මනින් පරීක්ෂණය පටන් ගන්නවා කියලා ඔහු වැඩිදුරටත් පැවසීය.

2002 දී පිහිටුවන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය ලෝකයේ රටවල සිදුවන සමූල ඝාතන, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සොයා බලා වගකිවයුතු පාර්ශවයන්ට දඬුවම් ලබා දේ.

මේ අතර රුසියානු හමුදා විසින් දකුණූ යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන කෙර්සන් හි බලය අත්පත් කරගැනීමත් සමඟ ඇඳිරි නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු – යුක්රේන ගැටුම් හේතුවෙන් රුසියානු හමුදා සෙබලුන් 498 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 1597 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගැටුම් හමුවේ යුක්රේන ජාතිකයන් 870,000කට අධික පිරිසක් යුක්‍රේනයෙන් පළාගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම සියවසේ දරුණුම සරණාගත අර්බුදය ලෙස සැලකෙයි.