24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද්ධය හමුවේද ගිලිහී නොගිය මනුෂ්‍යත්වය

යුද්ධය හමුවේද ගිලිහී නොගිය මනුෂ්‍යත්වය

ලෝකෙම සංවේදී කරමින් හුවමාරු වන ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඒ යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ආකාරයයි. එම හුවමාරුවන ඡායාරූප පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස යුක්‍රේන ජාතිකයින් විසින් ආහාර පාන ලබා දී ඇත්තේ භාර වූ රුසියානු ජාතික හමුදා සෙබලෙක් වෙත බවටය.

එම අවස්ථාවේදී එක් තරුණියක් විසින් ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දෙන අයුරු කැමරාවක පටිගතව තිබේ. යුක්රේනයේ කියෙව් රූපවාහිනයේ මාධ්‍යවේදිනියක වන අනාස්ටසිලියා ලැපටිනා විසින් මෙම කථාව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

එසේම තවමත් අවුරුදු 20 පසුවන තරුණයන් විශාල පිරිසක් යුද්ධ කිරීම සඳහා රුසියාව විසින් යුක්රේනයට එවා ඇති බවත් ඇය පවසයි. කෙසේ වෙතත් දෙවියන්ට ස්තූති වන්නට යුක්රේන ජනතාවගේ මනුස්සත්වය නැතිවී නොමැති බවත් ඇය පවසයි.