23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියා - යුක්‍රේන සාම සාකච්ඡාවල දෙවන වටය අද

රුසියා – යුක්‍රේන සාම සාකච්ඡාවල දෙවන වටය අද

රුසියාව සහ යුක්‍රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද (03) පැවැත්වීමට නියමිතය. ඒ බෙලරුස් – පෝලන්ත දේශ සීමාවේ පිහිටි බෙලවුෂ්කයා පුෂ්චා හිදීය.

රුසියානු පාර්ශ්වයේ නියෝජිතයන් මේ වන විට බෙලරුස් වෙත පැමිණ ඇති අතර යුක්‍රේන නියෝජිතයන් අද (03) පෙරවරුවේ එහි පැමිණීමට නියමිතය.

දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් එම ස්ථානය සාකච්ඡා සඳහා තෝරාගෙන ඇති අතර යුක්‍රේන නියෝජිතයන්ට ආරක්ෂිතව එහි පැමිණීම සඳහා ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කර දීමට රුසියානු හමුදා පියවර ගෙන ඇත.

අද හමුවේදී සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළෛබඳ සාකච්ඡා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.