― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

බැසිල් ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මහතා හමුවී තිබේ.

මෙම හමුවට මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියහ.

මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත ය.