― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රටින් පලා යයි

පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රටින් පලා යයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා ලබා ඇති අතර ඇය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්ද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆාරා ඛාන් ඇමෙරිකන් ඩොලර් 90,000 ක් වටිනා අත්බෑගයක්ද රැගෙන පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි බලා ගොස් තිබේ. එම ගුවන් ගමන සඳහා ඇයට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් 50,000 ක් වන බවද මේ වනවිට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

බුෂ්රා බීබී යනු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරිඳ වන අතර ඇගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, සිය හිතවතුන්ට ස්ථාන මාරුවීම් සහ තනතුරු ලබා දීමට කටයුතු කර ඇති බව පැවැසෙයි.

පාකිස්තානයේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ උප සභාපති මෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන මිරියම් නවාස් පවසා ඇත්තේ ෆාරා ඛාන් අගමැති ඉම්රාන් සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් වංචා සහ දුෂණ සිදු කර ඇති බවයි.