33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව ප්‍රබලතම බැලැස්ටික් මිසයිලය රුසියාව අත්හදා බලයි

ලොව ප්‍රබලතම බැලැස්ටික් මිසයිලය රුසියාව අත්හදා බලයි

ලොව මෙතෙක් නිෂ්පාදනය කළ ප්‍රබලතම බැලැස්ටික් මිසයිලයක් රුසියාව අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය RS-28 Sarmat  බැලැස්ටික් මිසයිලය ලෙස නම්කර ඇති අතර රුසියාව නව RS-28 Sarmat  අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.

ලොව මෙතෙක් ඇති කිසිඳු මිසයිල නාශක පද්ධතියකට හසු නොවී ගමන් කිරීමේ හැකියාව නව මිසයිලය සතුව පවතියි. මෙම බැලැස්ටික් මිසයිලය අත්හදා බලා තිබෙන්නේ එරට උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටයි.

එම මිසයිලය රට වටා පියාසර කර රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථානයකදී පුපුරායාම සඳහා කටයුතු කළ බව රුසියා ආරක්ෂක අංශ සඳහන් කරයි.