32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රීසිය හා තුර්කිය අතර ගුවන් සීමා අර්බුදයක්

ග්‍රීසිය හා තුර්කිය අතර ගුවන් සීමා අර්බුදයක්

ග්‍රීසිය සහ තුර්කිය අතර ගුවන් හා මුහුදු සීමා සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම රටට අයත් දේශසීමා උල්ලංඝනය කළ බවට ග්‍රීසිය, තුර්කියට චෝදනා කරයි. ග්‍රීසිය පවසන්නේ, තුර්කි ප්‍රහාරක යානා තම රටට අයත් දේශසීමා උල්ලංඝණය කළ බවයි.

තමන් කිසිඳු අවස්ථාවක තවත් රටක දේශ සීමා නොඉක්මවූ බව තුර්කිය කියා සිටියි. ග්‍රීසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අන්තර්ජාතික නීතිවලට අනුව හිමි විය යුතු ගුවන් හා මුහුදු සීමාවන්වලට අයත් ප්‍රදේශයට වඩා වැඩි ප්‍රමාණයකට තුර්කිය හිමිකම් කියමින් සිටින බවයි.