28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය පහක විදුලි කප්පාදුවක්

අද පැය පහක විදුලි කප්පාදුවක්

දැනට පවතින පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුව පැය 5ක් දක්වා දීර්ඝ කිරීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේය.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම සහ ජල විදුලි අර්බුදය හේතුවෙන් විදුලි කප්පාදුව සිදුකරන වෙලාව වැඩි කිරීමට සිදු වී තිබේ.

ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ පවතින තත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බවයි. එසේම දැනට ක්‍රියාත්මක පැය 3යි මිනිත්තු විස්සේ විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළේය.