30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය විසන්ධි කරන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

විදුලිය විසන්ධි කරන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ජනතාව පීඩාවට පත්වන ආකාරයේ කිසිදු විදුලි විසන්ධි වීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට කටයුතු නොකරන බව එහි සභාපති අනිල් රංජිත් ප්‍රකාශ කළේය.

විදුලි විසන්ධි කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු කරන බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව අනිල් රංජිත් පැවසීය.

අපි කිසිම වේලාවක ජනතාවට පීඩාවෙන පරිදි විදුලිය විසන්ධි කිරීමට කිසිදු අදහසක් නෑ. අපි සියලුදෙනාම එළියට ගියොත් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි වෙනවා. නමුත් එවැනි ක්‍රියාවලියක් අපි කරන්නේ නෑ. මොකද විදුලිය පවත්වාගෙන යෑම මේ අවස්ථාවේ දී හරිම වැදගත්. මොකද කිසිකෙනෙකුට ෆොන්එකක් චාජ් කර ගන්න, කතා කරන්න කිසිම දෙයක් කරන්න බැරිවෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මොන හේතුවක් නිසාවත් අපි විදුලිය විසන්ධි වෙන්න දෙන්නේ නෑ.