28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ අයට ඉරිදා විශේෂ පැය දෙකේදී ඉන්ධන ගැනීමේ හැකියාව

මේ අයට ඉරිදා විශේෂ පැය දෙකේදී ඉන්ධන ගැනීමේ හැකියාව

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ වාහන සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව විභාග රාජකාරී කටයුතු සඳහා එක්වන නිරධාරීන්ට ලබන ඉරිදා (22) පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ තමා පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ලබාගැනීමේ පහසුකම සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එලෙස ඉන්ධන ලබා ගැනීමේදී ඉන්ධන පිරවුම්හල වෙත අදාල නිලධාරියාගේ පත්වීමේ ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.