24.5 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහින්දි සිනමා රසිකයන් වසඟ කළ කේ‍.කේ ජීවිතක්ෂයට

හින්දි සිනමා රසිකයන් වසඟ කළ කේ‍.කේ ජීවිතක්ෂයට

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂ්ණ කුමාර් කුනාත් හෙවත් ‘කේ කේ’ අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු ඊයේ (31) සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඇද වැටී ඉන්පසුව මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘සිංදගී දෝ පල් කී’, ‘තුහි මෙරි ශබ් හේ සුභා හේ’, ‘ඛුදා ජානේ’, ‘තඩප් තඩප්කේ ඉස් දිල්සේ’, ‘ඩෝලාරේ ඩෝලාරේ’ ආදී ජනප්‍රිය හින්දි සිනමා ගීත රැසක් ගායනා ක‍ර ඇත.

ඔහු මියයන විට 54 වැනි වියෙහි පසු වූ අතර ඔහු ගැයූ ගීත මෙ‍රට හින්දි සිනමා රසිකයන් අතරද දැඩි ලෙස ජනප්‍රිය විය.