― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය සාෆිගේ හිඟ වැටුප් ගෙවීමට අනුමැතිය ලැබෙයි

වෛද්‍ය සාෆිගේ හිඟ වැටුප් ගෙවීමට අනුමැතිය ලැබෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කළ චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවා ඇති බැවින් ඔහුට එකී කාලසීමාව තුළ නොගෙවා තිබූ සියලු වැටුප් හා සෙසු සියලු දීමනාවන්ද ලබන ජූලි මස 10 වැනිදාට පෙර ගෙවා දැමීමට නියම කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (08) අභියාචනාධිකරණය හමුවේදී මෙම හිඟ වැටුප් ගෙවීමට එකඟත්වය පළ කර තිබේ.

සේවයෙන් අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි කාල සීමාව සඳහා ලැබීමට නියමිතව තිබූ සියලු වැටුප්, දීමනා, අතුරු දීමනා, ජීවන වියදම් දීමනා යන සියලු හිඟ ගෙවීම් පෙත්සම්කාර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවීමට හැකියාව පවතින බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මීට ඉහතදී අභියාචනාධිකරණයට නීතිපතිවරයා මඟින් දැනුම් දී තිබේ.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව මහතා හමුවේ පැවැත්වෙන විනය පරීක්‍ෂණයට සහභාගිවීමට තමා සූදානම් බැව් පෙත්සම්කාර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අභියාචනාධිකරණය හමුවේ සපථ වී තිබේ.

මෙම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය සිය පෙත්සම ඉවත් කර ගැනීමට වෛද්‍ය ෂිහාබ්දීන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පෙත්සම් විභාගය පවත්වාගෙන යාම අත්හිටුවීමට තීන්දු කළේය.