27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවසන් ඩීසල් නැව අද කොළඹට

අවසන් ඩීසල් නැව අද කොළඹට

ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700 ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතය.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන එනු ලබන අතර මෙහි අඩංගු ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක් තුළත් ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව තවදුරත් පෝලීම්වල රැඳී සිටී.