― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් කාර්යාල සේවය දින 3කට සීමාවෙයි

තැපැල් කාර්යාල සේවය දින 3කට සීමාවෙයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උප තැපැල් කාර්යාල ‍ජුලි 10 දක්වා සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දිවයින පුරා පිහිටා ඇති තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා මහජන සේවාවන් පවත්වාගෙන යන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විවිධ ආකාරයේ ගෙවීම්, මහජන ආධාර, වැඩිහිටි දීමනා ලබාදීම, දේශීය හා ජාත්‍යන්තර තැපැල් මගින් ලැබෙන භාණ්ඩ බෙදාහැරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන්ද මෙම දිනයන්හිදී ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසීය.