― political ―

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කර නොගත යුතුයි

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින...
HomeNewsමෙරට IT වෘත්තිකයන්ට මැලේසියාවේ රැකියා අවස්ථා

මෙරට IT වෘත්තිකයන්ට මැලේසියාවේ රැකියා අවස්ථා

මැලේසියාවේ රැකියා වෙළෙඳපොළට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවකයන් යෙදවීම කෙරෙහි ගවේෂණය කරන ලෙස මැලේසියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවේ ඒ බව පවසා තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මැලේසියානු රජය ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කොට ඇති බවයි.