ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
කෙසේ වෙතත් මහ බැංකුවේ පුරෝකථනයන්වලට අනුව 2023 වසරේ මුලසිට උද්ධමනය විශාල වශයෙන් අඩුවීමේ හැකියාව පවතින අතර ඒ සඳහා ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවන බවද ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
ගෝලීය තෙල් මිල සහ ආහාර මිල අඩුවීම පිළිබඳව උපකල්පනද මෙම පුරෝකථනයන්ට ඇතුළත් වන අතර මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතින බවද මහ බැංකුව පෙන්වාදෙයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල සැළකිය යුතු ප්‍රගතියක් පවතින බව මහ බැංකුව පවසයි.


