26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ගැන CID පරීක්ෂණ ඇරඹෙයි!

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ගැන CID පරීක්ෂණ ඇරඹෙයි!

රුවන්වැලි මහා සෑයේ පැරණි කොතේ පළඳා ඇති මැණික් ගල් (චූඩා මාණික්‍ය) ගලවා ඒ වෙනුවට වීදුරුගල් අල්ලා ඇති බව ඇතුළු ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් සහ දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කර තිබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම නියෝගය කර ඇත.

දායක සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් හුවමාරු වන තොරතුරු අසා තමන් විමතියට පත්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසය. එම විමර්ශනය අවසානයේදී මහජනතාවට ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කර දීමට කටයුතු කරන ලෙසයි.

දායක සභාවේ මේ ඉල්ලීමට මුල්වී ඇත්තේ අන්තර්ජාල නාලිකාවක පැවති සංවාදයකදී අයෙක් විසින් කොත්වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.

පල්ලේගම හේමරතන හිමියන් විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලීම කර ඇත්තේ දායක සභාවේ ඉල්ලීමට පෙර බවද මේ අතර මාධ්‍ය වාර්තා කර තිබේ.

උන්වහන්සේ පොලිස්පතිවරයාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටියේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් දෙදෙනෙක් සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ පැරණි කොත්වහන්සේගේ මැණික් ගල් කෝටි ගානකට අලෙවි කර ඇති බව සහ නව කොත්වහන්සේගේ චූඩා මාණික්‍ය වීදුරු බව සඳහන් කරමින් කර ඇති ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙනි.