― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉතාලියේ අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලියේ අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටවූ සන්ධාන රජය බිඳවැටීම හේතුවෙන් ඩ්‍රාගී මෙම තීරණය ගෙන තිබේ.

ඉතාලි ජනාධිපති සර්ගේ මැටරෙල්ලා හමුවී සිය ඉල්ලා අස්වීම බාර දුන් බව ඩ්‍රාගී පවසයි. එම අවස්ථාවේදී ජනාධිපති මැටරෙල්ලා පවසා ඇත්තේ නව රජයක් පත් කරන තුරු ඩ්‍රාගී අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටිය යුතු බවය. ඒ අනුව ඩ්‍රාගී වැඩ බලන අග්‍රාමාත්‍ය ලෙස රැඳී සිටිනු ඇත.

ඩ්‍රාගීට එරෙහිව ඉතාලි පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණු අතර එයද ඩ්‍රාගී පරාජය කළේය. එසේ වුවත් සන්ධාන රජයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් කීපයක් ඩ්‍රාගීට සහාය පළ කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් තව දුරටත් ධුරයේ රැදී සිටීමට ඔහුට නොහැකි විය.