26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්කිපොක්ස් මෙරටට පැමිණීමේ අවදානමක්

මන්කිපොක්ස් මෙරටට පැමිණීමේ අවදානමක්

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි.

එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

මන්කිපොක්ස් වෛරසය කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුව මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කර තිබේ.

ලොව රටවල් 75කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ ය.