30.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවත්තේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

වැල්ලවත්තේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ මොවුන් දෙදෙනා ගැටී ඇති අතර අනතුරින් පසු ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

එහිදී එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක් වන අතර ඇය උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.